(අංගුත්තර
නිකාය,
තික
නිපාත, 510 පිටුව)
පන්ලක්ෂ දොළොස්දහස් විසි අටක් බුදුපියාණන් වහන්සේලා පසු කරමින් ආ අනාථ ගමනේ නිමාව දකින්නට,
නිවන්
දොරටු විවර කර ගැනීමට හිත කැමති පිරිසට දහම් ඇස පාදා ගැනීමට මඟ හසර පෙන්වා දෙමින්, සුගත
තථාගතයන්
වහන්සේ විසින් දේශිත උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය සූත‍්‍රයට බහා බලමින් විනයට සසඳමින් මේ
සංසාර
කතර තරණය කොට නික්ලේෂී වූ නිවන් මඟ තුළ පිහිටා සිටීමට මේ ධර්ම දායාදයෙන්, නිවී සැනසෙන්න කැමති
මිනිසාට තුටු පඩුරක්ම වේවා!!!
චතුරාර්ය සත්‍ය ධර්මය කාලයාගේ වැලිතලාවෙන් වැසී යන්නට මත්තෙන්, අවබෝධ කර ගන්නට සහ අන් අයට ද මේ
අමා
දිය දහරෙන් බිඳක් හෝ සිත නිවාලන්නට මඟ පාදා දීම, මෙම වෙබ් පිටුව නිර්මාණය කිරීමේ අප සියලූ
දෙනාගේ
අභිප්රායයි.
කෙළෙස් මලින් අපිරිසිදු කරගන්නා අශුද්ධ මානසිකත්වයෙන් මිදෙන්නට, උත්තරීතර තථාගත ධර්මය මුල, මැද,
අග
ගලපමින් අවබෝධ කර දෙන්නට දරන්නා වූ මෙත් සහගත ප්‍රයත්නයකි මේ.
ඔබට මට පමා වන්නට නොව, මිදෙන්නට මේ කාලයයි………
“දුතීය සාරිපුත්ත සූත්‍රය”
"සාරිපුත්ත, සෝවාන් අඟ සෝවාන් අඟැයි මෙය කියනු ලැබේ. සාරිපුත්ත, සෝවාන් අඟ කවරේ දැ" යි? "වහන්ස, සපුරිස් සෙවුම සෝවාන් අඟෙකි. සදහම් ඇසුම සෝවාන් අඟෙකි. නුවණින් මෙනෙහි කිරීම සෝවාන් අඟෙකි. දහම් අනුදහම් පිළිවෙත සෝවාන් අඟෙකි" යි. "සාරිපුත්ත මැනවි, මැනවි".
(සංයුත්ත නිකාය 5-2, පිටුව 147)
2026 ඔක්තෝබර් 25 (ඉරිදා)
New
ඉදිරි වැඩසටහන
ගෝතම අරණ විහාරස්ථානය
විමසීම් :
ගෝතම අරණ විහාරස්ථානය
+94 76 599 8926
රුවන් රණසිංහ මහතා
+94 76 823 2564
2026 සැප්තැම්බර් 26 (සෙනසුරාදා)
පසුගිය වැඩසටහන
ගෝතම අරණ විහාරස්ථානය
විමසීම් :
ගෝතම අරණ විහාරස්ථානය
+94 76 599 8926
රුවන් රණසිංහ මහතා
+94 76 823 2564
2026 අගෝස්තු 18 (අඟහරුවාදා)
පසුගිය වැඩසටහන
ගෝතම අරණ විහාරස්ථානය
විමසීම් :
ගෝතම අරණ විහාරස්ථානය
+94 76 599 8926
රුවන් රණසිංහ මහතා
+94 76 823 2564
උතුම් වූ ධර්මාවබෝධය සඳහා සෝතාපත්ති අංග සපුරා ගැනීමට, සජීවීව පැමිණ සදහම් දේශනා වලට සවන් දීම අනිවාර්ය බව කරුණාවෙන් සලකන්න.
“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”
“දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන
නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට
ඇති,
ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,
උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
(සළායතන වර්ගය – උද්දාන ගාථා)